නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද (04) සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 174යි ග්‍රෑම් 126ක් සොයා ගෙන තිබෙනවා.
ඒ යාපනයේ කිලිනොච්චියේ වත්තිරායන් වෙරළ තීරය ආසන්නයේදීයි.
නාවික හමුදාව සඳහන් කළේ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 69 ඉක්මවන බවයි.
අනතුරුව එම මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරුතන්කර්නි පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත භාර දී තිබෙනවා.
(colombotimes.lk)