'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශය රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව වශයෙන් පිළිගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
අදාළ කැබිනට් තීරණයේ සඳහන් වන්නේ ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් මඟින් වසර 2030 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 120ක මූර්ත දළ දේශීය නිෂ්පාදනයක ඉලක්කයක් සහිතව තිරසර ආර්ථික වෘද්ධියක් සහ සංවර්ධනයක් අරමුණු කර ගනිමින් 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්'' ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඇති බවයි.
එය ආර්ථික, සමාජීය, පාරිසරික හා දේශපාලනික ඇතුළු සියලු අංශ නියෝජනය වන පරිදි ප්‍රධාන ක්ෂේත්‍ර 04ක් යටතේ ගොනු කර තිබෙනවා.
පරිසමාප්ත ජීවිතයක් - සුව පහසු රටක්, ගෞරවනීය ජීවිතයක් - සුරක්ෂිත රටක්, නවීන ජීවිතයක් - පොහොසත් රටක් සහ අභිමානවත් ජීවිතයක් - නොසැලෙන රටක් එම ක්ෂේත්‍ර බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)