ආපදා කළමනා කරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි සේවය කරන විශ්‍රාමික මේජර් ජෙනරාල් එච්. එම්. යූ. හේරත්ගේ කොන්ත්‍රාත් සේවා කාලය ලබන 07වනදා අවසන් වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව එදින සිට පුරප්පාඩු වීමට නියමිත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ පත් කිරීමට අනුමැතිය හිමි වී ඇති බවයි වාර්තා වන්නේ.
කොන්ත්‍රාත් පදනම මත වසරක කාලයක් සඳහා මෙම පත් කිරීම සිදු කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)