2025 වසරේ මේ දක්වා කාලය තුළ සිදු වූ සමස්ත වෙඩි තැබීම් සංඛ්‍යාව 96ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 50ක් ජීවිතක්ෂයට පත් වී 53දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ගත වූ පැය 12ක කාලය තුළ දිවයනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ වෙඩිතැබීම් 4කින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළා.