06 September 2025

logo

ක්ෂේත්‍ර රාජකාරීවල නිරත වන සෞඛ්‍ය සේවකයන්ට උපරිම පහසුකම්



ක්ෂේත්‍ර රාජකාරීවල නිරත වන සෞඛ්‍ය සේවකයන් හට උපරිම පහසුකම් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ පවුල් සෞඛ්‍ය සේවාව තුළ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන්ගේ සංගමයේ සාමාජිකාවන් සමඟ පැවැති සාකච්ඡාවකදීයි.

සෞඛ්‍ය සේවාව ආයතනවලට සීමා නොවී ක්ෂේත්‍රයට ගෙන ඒමට කටයුතු කරන බවත් එහිදී ක්ෂේත්‍ර රාජකාරී නිසි පරිදි ඉටු නොවුණහොත් සෞඛ්‍ය සේවාවේ කුමන සංවර්ධනයක් කළද ඉන් ප්‍රයෝජනයක් අත් නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.


(COLOMBOTIMES.LK)