ගාසා නගරය අත්පත් කරගැනීම තීව්‍ර කරමින් එහි පදිංචිකරුවන්ට එම ස්ථානවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව දැනුම්දී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා නගරය ආශ්‍රිතව සිදු කිරීමට සැළසුම් කර ඇති භූමි ප්‍රහාරය හේතුවෙන් මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි.
ඒ අනුව එහි පදිංචිකරුවන්ට ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති මානුෂීය කළාපය වෙත යොමුවන ලෙස ඊශ්‍රායල හමුදාව දැනුම්දී තිබෙනවා.
ගාසා නගරය ආශ්‍රිතව පුද්ගලයන් මිලියනයකට අධික පිරිසක් රැදී සිටින අතර එම ප්‍රදේශය හමාස් සංවිධානයේ ඉතිරිව ඇති අවසන් බලකොටුව බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඊශ්‍රායලයේ මෙම භූමි ප්‍රහාරය ඉක්මන් වුවහොත් දරුණු ව්‍යසනයක් සිදු විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අගවා තිබෙනවා.