ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් ලෙස සිටි ඟුණකොළපැලැස්ස තලාව පදිංචිව සිටි සම්පත් මනම්පේරිගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර තිබෙනවා.
එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම පුද්ගලයාට එරෙහිව මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය තබා ගැනීමක් සම්බන්ධයෙන් චෝදනාවක් ඉදිරිපත්වී ඇති බවයි.
සිය පක්ෂය කිසිවිටෙකත් මෙවැනි චෝදනාවන්ට පත්වන්නන් හට කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන අතර ඒ අනුව වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
(COLOMBOTIMES.LK)