විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් අධ්‍යාපනය සඳහා රාජ්‍ය බැංකුවලින් ලබා ගත් රුපියල් කෝටි 130ක ණය මුදල නොගෙවා පැහැර හැර ඇති බව අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
ඔවුන් විදෙස් ගත වීමෙන් පසු නැවත විශ්වවිද්‍යාලවලට වාර්තා කිරීමද පැහැර හැර ඇති බව අමාත්‍යවරයා කියා සිටියා.
එමෙන්ම මෙම මුදල අය කර ගැනීමට විශ්වවිද්‍යාල පද්ධතිය හෝ බැංකු පද්ධතිය පියවර ගෙන නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
(colombotimes.lk)