යුක්රේන සටන් විරාමය සම්බන්ධයෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ තවදුරටත් සාකච්ඡා කළ යුතු බව රුසියානු ජනපති ව්ලැඩිමියර් පුටින් පවසනවා.
රුසියානු ජනපතිවරයා සඳහන් කළේ සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් තමන් ධනාත්මක අදහසක සිටින නමුත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ගැටලු කිහිපයක් ඇති බවයි.
ඇමරිකානු බලධාරීන් පිරිස මොස්කව් අගනුවරදී හමු වූ අවස්ථාවේදී පුටින් මෙම අදහස් පළ කළා.
ඇමරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කෝෆ් සඳහන් කළේ රුසියාව මෙම සටන් විරාම ගිවිසුම ප්‍රතික්ෂේප කළහොත් එය ලෝකයේම බලාපොරොත්තු කඩ වන අවස්ථාවක් වන බවයි.
ඇමරිකාව දින 30ක සටන් විරාම ගිවිසුමක් ඉදිරිපත් කර තිබූ අතර ඇමරිකානු බලධාරීන් සෞදි අරාබියේදී පැවැත්වූ සාකච්ඡා අතරතුරදී යුක්රේනය අදාළ සටන් විරාම ගිවිසුමට සිය එකඟත්වය පළ කර තිබෙනවා.
(colombotimes.lk)