14 March 2025


ගිනිඅවි ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට



බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය විසින් අක්මීමන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගිනිඅවි කිහිපයක් ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 72වන වියේ පසුවන බවයි.

ඔහු සතුව තිබී පිස්තෝලයක්, රිවෝල්වරයක්, රිපීටර් ෂොට්ගන් එකක්, වායු රයිෆලයක් සහ ෂොට්ගන් පතොරම් 49ක් සොයාගෙන තිබෙනවා.

(colombotimes.lk)