15 March 2025


අනුරාධපුර රෝහල් සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්



අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ලබන 17වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එදිනට සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහේ ස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ජයවීර තවදුරටත් නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ගල්නෑව නව නගරයේ ඩී. 3 ඇල පාර පදිංචිකරුවෙක් වන නිලන්ත මඳුරංග රත්නායක නැමති හිටපු යුද හමුදා සෙබළෙක් මෙන්ම චීවරධාරියෙක් ලෙස සිටි පුද්ගලයෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

(colombotimes.lk)