බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රියක් හැටන් දුම්රිය ස්ථානයට ළඟාවීමත් සමඟ එම දුම්රියේ ප්‍රධාන රියදුරු රෝගාතුර වී තිබෙනවා.
මේ හේතුවෙන් අද (14) පස්වරුවේ දුම්රිය පැයක පමණ කාලයක් ප්‍රමාද වීම නිසා එම දුම්රියේ ගමන් ගත් මගීන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේනමුත් හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරීන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට වෙනත් රියදුරෙක් හැටන් දුම්රිය ස්ථානය වෙත කැඳවා එම දුම්රිය පස්වරු 5.30ට ගමනාන්තය දක්වා යැවීමට තීරණය කර තිබෙනවා.
පසුව රෝගී වූ රියදුරාව දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)