බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන ඉරිදා (16) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) සභානායක බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
එහිදී ඔහු කියා සිටියේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින 02ක විවාදයක් සිදු කරන බවයි.
මෙම බටලන්ද වාර්තාව ගැන කටයුතු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද එහිදී අමාත්‍යවරයා සඳහන් කළා.
ඒ අනුව මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා උපදෙස් යෝජනා කිරීමටත් ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)