colombotimes.lk
සිංහල | English

17 September 2024


බෙන්ජමින් නෙතෙන්යාහු සමාව ඉල්ලයි



ගාසාහි හමාස් ප්‍රාණ ඇපයේ සිටි පිරිස් නිරුපද්‍රිතව මුදාගැනීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු එරට ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ප්‍රාණඇපකරුවන් 6 දෙනෙක්ගේ මෘතදේහ රෆාහි භූගත උමඟකින් හමුවීමෙන් අනතුරුව ඊශ්‍රායල ජනතාව රජයට එරෙහිව ආරම්භ කළ දැවැන්ත විරෝධතාවන්ට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ කියා සිටියා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මහජන විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මකව පවතින බවයි.

එමෙන්ම ඊශ්‍රායලයේ ප්‍රධානතම වෘත්තීය සමිතිය ජාතික මට්ටමේ වැඩවර්ජනයක්ද ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

 
(colombotimes.lk)