එංගලන්ත පල්ලිය මෙහෙයවීමේ වගකීම එනම් කැන්ටබරියේ අගරදගුරු තනතුර ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් වෙත පිරිනමා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසර 1,400කට පසු එම තනතුරට සුදුසුකම් ලැබූ පළමු කාන්තාව ලෙස 63 හැවිරිදි වියේ පසුවන සේරා මුලාලේ බිෂොප්වරිය පත් වූ බවයි.
බ්‍රිතාන්‍ය රාජාභිෂේකයක් සිදුවන අවස්ථාවල කිරුළ පැළඳවීම වැනි භාරදූර්ය කාර්යන් සිදු කරන කැන්ටබරි අගරදගුරු තනතුර කාන්තාවක් වෙත හිමිවීම ඓතිහාසික අවස්ථාවක් ලෙස සළකනවා.
එමෙන්ම ගෝලීය ඇන්ග්ලිකන් කතෝලිකයන්ගේ ආධ්‍යාත්මික නායකයා වන්නේ ද කැන්ටබරියේ අගරදගුරුවරයායි.
(colombotimes.lk)