මළබඩ හන්දිය දෙස සිට පුහාබුගොඩ දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ දොඩන්ගොඩ පොලිස් වසමේ මළබඩ පුහාබුගොඩ මාර්ගයේදීයි.
එම රිය අනතුරෙන් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලීසිය සඳහන් කළා.
අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා පිටුපස ගමන් කළ දෙදෙනාම තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී යතුරුපැදියේ පිටුපස ගමන් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් වූ යටදොල, නාවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)
