යාල් දේවි දුම්රියේ ප්‍රධාන දුම්රිය නියාමකවරයා දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අද (25) පස්වරුවේ අනුරාධපුරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රාජකාරී වේලාවේ මත්පැන් පානය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.
කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය ප.ව. 2.40ට පමණ අනුරාධපුර දුම්රිය ස්ථානයට ළඟාවී තිබෙනවා.
එම අවස්ථාවේදී ඔහු මත්පැන් පානය කර සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ඔහු අනුරාධපුරය පොලීසියට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර ඉන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
යාල් දේවි දුම්රියට වෙනත් නියාමකවරයෙක් යොදවා අනුරාධපුරයේ සිට කොළඹ කොටුව බලා පැමිණ තිබෙනවා.
(colombotimes.lk)
