අංශභාග රෝගී තත්ත්වයෙන් සිටින රෝගියෙක් හට ඉලෙක්ට්‍රොනික මොළයක් බද්ධ කිරීමට වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබෙනවා.
මෙම මොළය බද්ධ කිරීමෙන් පසු, එම පුද්ගලයාට නැවතත් ඇවිදීමේ හැකියාව ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙසේ සැත්කම සිදුකර ඇත්තේ 40 හැවිරිදි නෙදර්ලන්ත ජාතික Gert-Jan Oskam නම් පුද්ගලයාටයි.
ඔහු මීට වසර 12 කට පෙර පාපැදි අනතුරකින් අංශභාග තත්ත්වයට පත්ව තිබුණා.
Ecole Polytechnique Federale de Lausanne (EPFL) හි ස්නායු විද්‍යාඥයින් විසින් මෙම ඉලෙක්ට්‍රොනික මොළය නිර්මාණය කර තිබෙනවා.
පර්යේෂකයන් පවසන්නේ මෙම ඩිජිටල් සබඳතාව මගින් මොළය සහ සුෂුම්නාව අතර නව ස්නායු සම්බන්ධතා වර්ධනය කරන බවයි.
(colombotimes.lk)