11 July 2025

logo

කුරුළු උණ හේතුවෙන් බ්‍රසීලයේ හදිසි තත්ත්වයක්



බ්‍රසීල රජය විසින් මාස හයකට සත්ව සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, කැලෑ පක්ෂීන් තුළ කුරුළු ඉන්ෆ්ලුවෙන්සා (H5N1) වෛරසය පැතිර යන බවට අනාවරණය වීමෙන් අනතුරුවයි.

මේ සමබන්ධයෙන් එරට රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් විශේෂ ලේඛනයකට අත්සන් තබා තිබෙනවා.

කිසියම් ස්ථානයක කුරුළු උණ රෝගයක් ඇතිවීම සාමාන්‍යයෙන් එම ප්‍රදේශයේ සියලුම කුරුල්ලන් දැමීමට හේතු වනවා.

එමෙන්ම නිෂ්පාදන ආනයනය කරන රටවලින් වෙළඳ සීමා පැනවීමට ද මෙය හේතුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
(colombotimes.lk)