21 July 2025

logo

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්



ලියාපදිංචි හා චැසි අංක දරණ මෝටර් වාහනයේ අංක තහඩු නිකුත් නොකිරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ මෝටර් වාහනයක් නව ලියාපදිංචියේදී අංක තහඩු නිකුත් කිරීම අත්‍යාවශ්‍ය වුවත් අංක තහඩුවල හිඟතාවයක් හේතුවෙන් නව ලියාපදිංචි කරන ලද මෝටර් වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම පසුගිය අප්‍රේල් 28වනදා සිට තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

ඒ අනුව එම ලියාපදිංචි හා චැසි අංක දරණ මෝටර් වාහනය සඳහා අංක තහඩු සහ ස්ටිකරය දැනට නිකුත් නොකරන බවත් කඩිනමින් එය ලබාදීමට කටයුතු කරන බවත් එම නිවේදනය මඟින් දැනුම් දී තිබෙනවා.

 


(colombotimes.lk)