ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් අතර හමුවක් ඊයේ (06) සිදුවී තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
එහිදී දෙපාර්ශවය විසින් වංචා දූෂණ අවම කිරීමට පළාත් පාලන ආයතන පිළිබඳ බ්‍රිතාන්‍යයේ පවතින ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර පවතින ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බව මෙම හමුවේදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
ඇන්ඩෲ පැට්රික් එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වැඩසටහන පිළිබඳව බ්‍රිතාන්‍ය රජය අගය කරන බවත් වංචා දූෂණවලින් තොර රටක් බිහි කිරීමේ රජයේ වැඩපිළිවෙල සාක්ෂාත් කර ගැනීම සහ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය සහය ලබාදීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් බවයි.
(colombotimes.lk)