23 October 2025

logo

වෙඩි නොවදින මෝටර් රථයක් ගරාජයකින් මතුවෙයි



නුගේගොඩ, පාගොඩ පාරේ පළවෙනි පටුමගේ ගාරාජයක දමා ගොස් තිබියදී වෙඩි නොවදින මෝටර් රථයක් සොයාගෙන තිබෙනවා.
 
ඒ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ මෙහෙයුමකින් අනතුරුවයි.

එහිදී බෙන්ස් වර්ගයේ වෙඩි නොවදින VVIP රථයක් සොයාගෙන තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ එම රථය මීට සති කිහිපයකට පෙර  ගරාජයට කිසියම් පුද්ගලයෙක් විසින් දමා ගොස් ඇති බවයි. 

(colombotimes.lk)