මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
අමාත්‍යවරයා එහිදී කියා සිටියේ මරණ දඬුවම ක්‍රියාත්මක විය යුතු බවට සමාජ කතිකාවතක් නිර්මාණය වීමේ හැකියාව පවතින බවයි.
කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් රජය ආරම්භ කර නොමැති බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)