සියලුම රටවලින් ආනයනය කරන ලද වාහන සඳහා බියුරෝ වෙරිටාස් පරීක්ෂණ සහතිකවලට අවසරදීම ඇතුළුව බහුවිධ ආනයන හා අපනයන රෙගුලාසි සංශෝධනය සහිත අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සන සහිතව ඊයේ (19) මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)