04 July 2025

logo

ජර්මනියෙන් යුක්රේනයට තවත් යුධ ආධාර



ජර්මනිය විසින් යුක්රේනය සඳහා තවත් අමතර ඩොලර් බිලියන 3.3ක යුධ ආධාර ලබාදීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නීති සම්පාදකයන් විසින් එරට මූල්‍ය ප්‍රතිසංස්කරණයන් සඳහා සැලසුම් සම්පාදනය කිරීමෙන් පසුව යුක්රේනයට යුධ ආධාර ලබාදීමට ජර්මන් රජය එකඟතාවය පළ කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සතියේදී යුරෝපීය රටවල නායකයන් රැස්වීමක් කැඳවා ඇති අතර එහිදීද යුක්රේනයට ආධාර ලබාදීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)