03 July 2025

logo

රුසියාවෙන් යුක්රේන රෝහල් 02කට ප්‍රහාර



දින 30ක සටන් විරාමයක් සඳහා වූ ඇමරිකානු යෝජනාව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරුව රුසියාව හා යුක්රේනය ඊයේ (19) එකිනෙකාට ප්‍රහාර එල්ල කරගත් අතර බොහෝ ප්‍රහාරවල ඉලක්කයන් වී ඇත්තේ යටිතල පහසුකම් බවයි.

එමෙන්ම යුක්රේනයේ උතුරු සුමි කලාපයේ රෝහල් 02කට රුසියානු හමුදා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එයින් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් යුක්රේනය පිළිබඳ සාකච්ඡා සෞදි අරාබියේදී තවදුරටත් පවත්වන බව එක්සත් ජනපද නියෝජිත ස්ටීව් විට්කොෆ් පවසනවා.

එමෙන්ම පුටින් සහ ට්‍රම්ප් දුරකථන ඇමතුම අතරතුර යුක්රේනය සහ රුසියාව අතර සිරකරුවන් 175දෙනෙක් හුවමාරු කර ගැනීමට එකඟ වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)