2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත යටතේ පුද්ගල ආදායම් බදු (PIT) සහනය වාර්ෂිකව රු.1,200,000 සිට රු.1,800,000 දක්වා වැඩි කිරීමේ යෝජනාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානයට ලක්වී තිබෙනවා.
ඒ එම පනත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගිය 18වනදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි.
එමෙන්ම ඔට්ටු ඇල්ලීම සහ සූදු ක්‍රීඩා මඟින්, දුම්කොළ සහ මත්පැන් නිෂ්පාදන සඳහා ලාභ සහ ඉපයීම් මත ආදායම් බදු අනුපාතය 40% සිට 45% දක්වා වැඩි කිරීම, සේවා අපනයනය 15% අනුපාතයකින් ආදායම් බද්දට යටත් කිරීම සහ පොලී ආදායම හෝ වට්ටම මත රඳවා ගැනීමේ බදු (WHT) අනුපාතය 5% සිට 10% දක්වා වැඩි කිරීමටද මෙම සංශෝධනය මඟින් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර උපයන විට ගෙවීමේ බදුවලට අදාළ (PAYE) දත්ත විශ්ලේෂණය සලකා බැලූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පවතින දත්තවල දෝෂයක් ඇති බව නිගමනය කළා.
ඒ අනුව කාරක සභාවට නිවැරදි දත්ත විශ්ලේෂණයක් ලබාදෙන ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවයි වාර්තා වන්නේ.