15 February 2025


බස් රථයක් පෙරළීමෙන් පුද්ගලන් 04ක් රෝහලට



පානදුර බස් නැවතුම ආසන්නයේදී අද (15) අලුයම 4.00ට පමණ බස් රථයක් පෙරළී අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරෙන් පුද්ගලයන් සිව්දෙනෙක් තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ලුණුගම්වෙහෙර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.

(colombotimes.lk)