colombotimes.lk
සිංහල | English

17 May 2024

සී. ඩී. වික්‍රමරත්න පොලිස්පති කිරීම නීති විරෝධියි - උදය ගම්මන්පිල



සී .ඩී. වික්‍රමරත්න මහතාට යළි පොලිස්පතිධූරය ලබා දීම නීති විරෝධි බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. 

සේවා දිගුවක් ලබා දීමට නම් සේවය කරන කාලය තුළ එය ලබා දිය යුතු බවත් වික්‍රමරත්න මහතාට සේවා දිගුව ලබා දෙන්නේ ඔහු විශ්‍රාම ගිය පසුව බවත් ගම්මන්පිල මහතා අවධාරණය කළා. 
 
ඒ අනුව විශ්‍රාම ගිය අයෙකුට යළි සේවයට කැඳවීමට කිසිදු විධි විධානයක් නීතියේ සඳහන් නොවන බවයි ඔහු පැවසුවේ. 
 
එමෙන්ම සී .ඩී. වික්‍රමරත්න මහතා යළි පොලිස්පති තනතුරට පත් කිරීම නීතිය ඉදිරියේ ශුන්‍ය සහ බල රහිත බව ඒ මහතා කියා සිටියා.
(colombotimes.lk)