15 January 2025


ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලින් රටට විශාල විදේශ විනිමයක්



නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයෙන් රටට විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කළා.

ඒ ත්‍රිකුණාමලය වරාය තෙල් ටැංකි පරිශ්‍රය ආශ්‍රිත නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ ඒ සඳහා ලංකා IOC ආයතනය සහ ලංකා ඛණිජ තෙල් සංස්ථාව එක්ව කටයුතු කරන බවයි.

මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින්.



(colombotimes.lk)