colombotimes.lk
සිංහල | English

05 December 2023

වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ CID අත්අඩංගුවට



ඉමියුනොග්ලොබියුලින් (Immunoglobulin) ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. 

වෛද්‍ය කපිල වික්‍රමනායකට අමතරව නිරාන් ධනංජය (ගණකාධිකාරී - සැපයුම්), සහකාර අධ්‍යක්ෂ ශාන්ති සොලමන් සහ ඖෂධවේදි සුජිත් කුමාර යන මහත්වරු අත්අඩංගුවට ගත් පිරිස අතර වනවා. 
 
ව්‍යාජ ලේඛන යොදා ගනිමින් ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. 
 
ප්‍රාදේශීය ඖෂධ සැපයුම්කරුවෙකු වන Isolez Biotech Pharma AG (Pvt.) Ltd, ව්‍යාජ ලියකියවිලි භාවිතා කරමින් මානව ඉන්ට්‍රාවේනස් ඉමියුනොග්ලොබුලින් (IVIG) කාණ්ඩයක් ආනයනය කළ බවටයි සැක කෙරෙන්නේ.
(colombotimes.lk)