15 March 2025


රුපියල් ලක්ෂ 21ක මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට



රුපියල් ලක්ෂ 21ක් පමණ වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වන අනුරාධපුර තිසා වැව නිරාවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුව හෙට (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළා.


  (colombotimes.lk)