colombotimes.lk
සිංහල | English

27 April 2024

CWC23 - SL Vs NZ | සිංහයන්ගේ සහ කිවියන්ගේ අවසන් සටන අද



2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද (09) පැවැත්වෙනවා. මේ තරගය මෙවර ලෝක කුසලාන තරගාවලියේ මෙම කණ්ඩායම් දෙකේම අවසන් තරගය ලෙසයි පැවැත්වෙන්නේ.
 
NZ vs SL Dream11 Prediction Today

මේ කණ්ඩායම් දෙක අද දවසේදී තරග බිමට පිවිසෙන්නේ නවසීලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් සහ ශ්‍රී ලංකාව 2025 වසරේ පැවැත්වෙන Champions Trophy සඳහා සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්.

අද තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ චින්නස්වාමි ක්‍රීඩාංගනයේදී පවස්වරු 2.00ට ආරම්භ වනවා.

මෙවර ලෝක කුසලානයේ තරග 6 කට මේ ක්‍රීඩාංගනය සත්කාරකත්වය ලබා දෙනවා. මේ වෙනකොට තරග 4ක් පවත්වල අවසන්. අද පැවැත්වෙන්නේ 5 වන තරගය.
 
M. Chinnaswamy Stadium boosted by World Cup uplift | CWC23

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ වනවිට තරග 8ක් ක්‍රීඩා කරලා තියෙනවා. අද දවසේ පැවැත්වෙන්නේ කණ්ඩායම් දෙකේම අවසන් තරගය ලෙස 9 වන තරගය.

මේ තරග 8න් නවසීලන්ත කණ්ඩායම තරග 4ක් ජයග්‍රණය කරනකොට ශ්‍රී ලංකාව ජයගෙන තියෙන්නේ තරග 2ක් පමණයි. ඒ වගේම තමයි නවසීලන්තය සහ ශ්‍රීලංකාව ලෝක කුසලාන තරග 11 කදී එකිනෙකා හමුවෙලා තියෙනවා. එහිදී ශ්‍රී ලංකාව තරග 6ක් ජයගන්නවා. නවසීලන්තය ජයගන්නේ තරග 5ක් පමණයි.

අද පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු විදියට කුසල්ට හිමිවෙලා තියෙනවා. නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය කේන් විලියම්සන්ට හිමිවෙලා තියෙනවා.
 
M Chinnaswamy Stadium pitch report for New Zealand vs Sri Lanka World Cup  2023 match in Bengaluru | Cricket News – India TV

මේ වෙනකොට ප්‍රසාද ලකුණු සටහනේ 4 වන ස්ථානයේ නවසීලන්තය රැඳී සිටිනකොට ශ්‍රී ලංකාවට හිමිවෙලා තියෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ 9 වන ස්ථානය.
 
No description available.

ඉතින් මේ කණ්ඩායම් දෙකේම අද පැවැත්වෙන අවසන් තරගය ජයග්‍රහණය කිරීම මේ කණ්ඩායම් දෙකටම ඉතාමත් වැදගත් වෙනවා.
 
Nipuna Munaweera @ COLOMBO TIMES