24 June 2026

logo

මුල් මාස 05 තුළ අපනයන ආදායම ඉහළට



2026 වසරේ මුල් මාස 05 තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.3 සීමාව ඉක්මවා ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
 
2026 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 7,393.39ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. 

එය 2025 වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව 7.56%ක වර්ධනයක් බවයි වාර්තා වන්නේ. 

එම කාලය තුළ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,758.44ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

(colombotimes.lk)