16 July 2025

logo

විදුලි වෙනසට කැබිනට් අනුමැතිය



යෝජිත විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. 

ඒ අනුව නව පනත් කෙටුම්පත ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 
 
නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් පසු නව විදුලිබල පනත මඟින් විදුලිබල මණ්ඩල සේවා ඉවත් කිරීමටත්, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමටත්, කාර්යක්ෂමතාව, විනිවිදභාවය, වගවීම වැඩිදියුණු කිරීමටත්, විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම හරහා පෞද්ගලික අංශයේ සහභාගීත්වයට ඉඩ සැලසෙන බවත් අමාත්‍යවරයා පැවසුවා.
(colombotimes.lk)