11 July 2025

logo

බෝගම්බර බදුදීමට කැබිනට් තීරණයක්



මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර ඉඩම වසර 50ක් සඳහා බදු පදනම මත බැහැර කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. 

ඒ අනුව බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිලි සංකීර්ණය මූල්‍ය, පාරිසරික, සමාජයීය වශයෙන් විශාල විභවයක් සහිත සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා බැහැර කිරීමට අනුමැතිය හිමිවී ඇති බවයි වාර්තා වන්නේ. 

එහි සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ මූලික සැලසුම් අනුව සිදුවිය යුතු බව කැබිනට් මණ්ඩලය නිර්දෙශයේ ඇතුළත් කර තිබෙනවා. 
 
(colombotimes.lk)