29 May 2025


මැතිවරණ ආදායම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන්ට වැඩ වරදියි



පළාත් පාලන ජන්ද විමසීමට අදාළ මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

එම කොමිසම සඳහන් කළේ අදාළ වාර්තා භාරදීමට දුන් කාලය ඊයේ (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ බවයි.

මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාර නොදුන් පුද්ගලයන් පිළිබදව පොලීසියට වාර්තා කරන බවද කොමිසම සඳහන් කළා. 

මැතිවරණ කොමිසම සඳහන් කළේ 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ අපේක්ෂකයන් මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම් වාර්තා වෙන වෙනම ඉදිරිපත් කළ යුතු බවයි.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම සියලු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ලේකම්වරුන්ට මීට පෙර දැනුම්දී තිබෙනවා.

(colombotimes.lk)