01 March 2025


Captain America - Brave New World චිත්‍රපටය තිරගත වෙයි



Marvel Studio නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදනය කරන ලද නවතම සිනමාපටය වන Captain America : Brave New World චිත්‍රපටය පසුගිය පෙබරවාරි 14 වනදා එක්සත් ජනපදයේ (US)හීදී තිරගත වීම ඇරඹුණා.

මෙම චිත්‍රපටය Julius Onah විසින් අධ්‍යක්ෂණය කළ අතර Rob Edwards, Malkam හා Dalan Musson විසින් තිර රචනය සිදු කරනු ලැබුවා.

මෙම චිත්‍රපටය Matthew Schmidt විසින් සංස්කරණය කළ අතර Kramer Morgenthan විසින් කැමරාකරණය කර තිබෙනවා.

එමෙන්ම සංගීතය කරන ලද්දේ Laura Karpman විසින්.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙස ඇන්තනී මැකී රංගනයෙන් දායක වනවා.

එසේම The Falkan and the Winter Soldier TV Series එක තුළදී Captain America චරිතයට Sam Wilson පණ පෙවූ අතර, සිනමාවේදී Sam Wilson Captain America චරිතයට පණ පොවන පළමු අවස්ථාව මෙයයි.

එමෙන්ම මෙම චිත්‍රපටයේ reshoots කිහිපයක්ම තිබූ බැවින් මෙම චිත්‍රපටය කෙතරම් දුරට සාර්ථක වේවිද යන්න ඔවුන්ට ද නිශ්චිතවම කීමට හැකියාවක් නොමැති බවයි සඳහන් වන්නේ.



(colombotimes.lk)