දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජන මාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙක්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවක වැඩිදුර විභාගය දෙසැම්බර් මස 09වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (11) නියම කර තිබෙනවා.
ඒ මෙම නඩුව අද (11) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඞ් මිහාල් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවෙක් වශයෙන් නම් කර සිටින රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු නියෝජ්‍ය මුදල් කළමනාකරුවෙක්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කර තිබෙනවා.
(colombotimes.lk)
