ඉන්දියාවේ දිල්ලි අගනුවර Red Fort මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 09දෙනෙක් මිය ගොස් තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ Red Fort මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ අංක 1 ගේට්ටුව අසල නවතා තිබූ මෝටර් රථයක සිදු වූ මෙම පිපිරීමෙන් තවත් පුද්ගලයන් පිරිසක් තුවාල ලබා ඇති බවයි.
පිපිරීම සිදුවූ ස්ථානය කාර්යබහුල ප්‍රදේශයක් වීම හේතුවෙන් බරපතළ හානි සිදුවී ඇති අතර දිල්ලි ගිනි නිවන සේවා සහ පොලීසිය එක්ව මේ වන විට අදාළ ස්ථානයේ මෙහෙයුම් කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
