01. ජලය මත පාවෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමට රොබෝ යන්ත්‍රයක්
ජලය මත පාවෙන අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව එකතු කළ හැකි රොබෝ යන්ත්‍රයක් හඳුන්වාදීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
එම යන්ත්‍රය 5G තාක්ෂණය උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
මෙම යන්ත්‍ර ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ සමාරම්භක වැඩසටහන පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
02. නවදිල්ලි නුවර පිපිරීමට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට
ඉන්දියාවේ නවදිල්ලි නුවර සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තිදෙනෙක් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙක් කාෂ්මීරයේ පදිංචිකරුවන් වන අතර අනෙක් සැකකරු ලක්නව්වල පදිංචිකරුවෙක් බවයි.
03. BYD වාහන තොගයක් ඇපකර මත මුදා හැරීමට නියෝග
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින කාණ්ඩ කිහිපයක BYD වාහන තොගයක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (11) අභියාචනාධිකරණය හමුවේ එකඟතාවය පළ කර තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම වාහන ආනයනය කළ පුද්ගලික සමාගම විසින් ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව විසින් මෙම එකඟතාවය පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
04. යළිත් ආනයනික බහාලුම් තදබදයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක්
යළිත් වරක් රේගුව තුළ ආනයනික බහාලුම් තදබදයක් ඇතිවිය හැකි බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.
උත්සව සමය ආරම්භයත් සමඟ ලබන 15වනදායින් පසු ආනයනික බහාලුම් වැඩිවීම හමුවේ මෙම තදබදය ඇති විය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම ආනයනික බහාලුම් නිෂ්කාශන මධ්‍යස්ථානවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීමද ගැටලුකාරී තත්ත්වයක් බව ඔහු එහිදී පෙන්වා දී තිබෙනවා.
05. සංකේත වැඩ වර්ජනයක් ගැන දැනුම්දීමක්
උතුරු පළාතේ සියලුම හෙද නිලධාරීන් හෙට (12) එක්දින සංකේත වැඩ වර්ජනයක් සිදු කිරීමට නියමිත බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා.
වෘත්තීය ගරුත්වයට හානි කිරීමට හා අතිකාල දීමනා කප්පාදුවට එරෙහිව මෙම වර්ජනය සිදු කරන බවයි වාර්තා වන්නේ.
එම වැඩවර්ජනය හෙට පෙරවරු 7.00 සිට උතුරු පළාතේ සියලුම රෝහල්වල ආරම්භ කිරීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළා.
(colombotimes.lk)
