ෆයිනස් ගස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
බගවන්තලාව පොලීසිය සඳහන් කළේ එය මාර්ගයෙන් අඩි 15ක් පමණ පහළ පිහිටි තේ වත්තකට පෙරළී තිබෙන බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා ලොරි රථයෙන් ඉවතට පැන දිවි ගලවා ගෙන තිබෙනවා.
බලංගොඩ, බගවන්තලාව මාර්ගයේ කැම්පියන් වත්ත ප්‍රදේශයේදී අනතුර සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
බලංගොඩ මාරතැන්න ප්‍රදේශයේ සිට මහනුවර දක්වා මෙම ලොරි රථය ධාවනය කර තිබෙනවා.
(colombotimes.lk)
