11 November 2025

logo

සංකේත වැඩ වර්ජනයක් ගැන දැනුම්දීමක්



උතුරු පළාතේ සියලුම හෙද නිලධාරීන් හෙට (12) එක්දින සංකේත වැඩ වර්ජනයක් සිදු කිරීමට නියමිත බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා.

වෘත්තීය ගරුත්වයට හානි කිරීම හා අතිකාල දීමනා කප්පාදුවට එරෙහිව මෙම වර්ජනය සිදු කරන බවයි වාර්තා වන්නේ. 

එම වැඩවර්ජනය හෙට පෙරවරු 7.00 සිට උතුරු පළාතේ සියලුම රෝහල්වල ආරම්භ කිරීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ හෙද නිලධාරින්ගේ සංගම‍යේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළා. 

(colombotimes.lk)