27 September 2025

logo

සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා නව ප්‍රවර්ධන වැඩසටහනක්



මෙරට සියළුම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක 1990 සුවසැරිය ගිලන් රථ සේවාව තවදුරටත් පුළුල් සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ පසුගියදා රාජගිරියේ පිහිටි සුවසැරිය ගිලන් රථ සේවා මධ්‍යස්ථානයේ පැවැති සාකච්ජාවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම සේවාවේ පවතින ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදෙමින් කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාමට නව සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි.



(colombotimes.lk)