31 January 2025


අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යාංශ ලේකම්ට ඇප



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙක් වන ප්‍රියන්ත කුමාර මායාදුන්නේ ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

ඒ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර විසින්.

2011 වසරේ ජාත්‍යන්තර සමූපකාර සැමරීම වෙනුවෙන් කුරුණෑගල පැවැත්වූ ඉසුරු සවිය නැමති සමූපකාර සැමරුම සඳහා සමූපකාර අරමුදලෙන් රුපියල් මිලියන 183ක් වැය කිරීමේදී ප්‍රවාහන වියදම් ලෙස රුපියල් ලක්ෂයක මුදලක් සම්බන්ධව සාපරාධි විශ්වාසය කඩ කිරීම හේතුවෙන් ඔහුව අද දහවල් අත්අඩංගුවට ගනු ලැබුවා.

(colombotimes.lk)