සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නවීකරණ කටයුතු අධීක්ෂණය සඳහා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි එහි ගොස් තිබෙනවා.
බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විශේෂ අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාවේ ඉහළ කළමණාකාරීත්වය සමඟ සාකච්ඡා කළ බවයි.
එමෙන්ම තෙල් පිරිපහදුවේ සේවකයන්ගේ ගැටලු සහ යෝජනා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.
(colombotimes.lk)