ලියාපදිංචි නොකළ සහ වසරකට අඩු කාලයක් භාවිත කළ වාහන සඳහා ලබාදෙන ලීසිං පහසුකම් සම්බන්ධයෙන් නව ණය සීමා අද (25) සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ වාණිජ වාහන සඳහා වාහනයේ වටිනාකමෙන් 60%ක් දක්වා ලීසිං ලබාදිය හැකි අතර මෝටර් රථ, SUV, වෑන්, ත්‍රීරෝද රථ සහ අනෙකුත් වාහන සඳහා එය 40%ක් දක්වා සීමා කර තිබෙන බවයි.
ඒ අනුව මෙවැනි වාහන මිලදී ගැනීමේදී ගැනුම්කරු වාහනයේ වටිනාකමෙන් අවම වශයෙන් 60%ක මුදලක් තමන් විසින් ගෙවිය යුතු බවද මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.
මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සහ අවදානම් කළමනාකරණය ඉලක්ක කර ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව මහ බැංකුව සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිල නිවේදනය පහතින්, 





