16 July 2025

logo

මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක්



මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය තිලක් හේවාවසම් වැඩ භාරගෙන තිබෙනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ භූගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙස ඔහු කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔහු එම විශ්වවිද්‍යාලයේ පාරිසරික තිරසාරත්ව කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළ බවට වාර්තා වනවා.

මහාචාර්ය හේවාවසම් ස්විස්ටර්ලන්තයේ බර්න් විශ්වවිද්‍යාලයේද ආචාර්ය උපාධිධාරිවරයෙක්.  

(colombotimes.lk)