ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා තේරී පත්වී තිබෙනවා.
ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් එම සංසදය පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
ඒ සඳහා වූ නම පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි විසින් යෝජනා කළා.
අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක එම යෝජනාව ස්ථිර කර තිබෙනවා.
(colombotimes.lk)