06 July 2025

logo

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට විශේෂ නිවේදනයක්



මෙතෙක් ජාතික හැඳුනුම්පත් තහවුරු කිරීමේ ලිපි ලබාගෙන නොමැති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට 2025 මාර්තු 15වනදා පෙ.ව. 8.30 සිට ප.ව. 12.30 දක්වා එම ලිපි ලබාගත හැකි බව දැනුම්දී තිබෙනවා.

ඒ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින්.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්, ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව සහ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලවලින් ලබා ගත හැකි බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)